ශ්‍රී
මහා බෝධිය මුල දී, කුමන හේතුවක් නිසා සත්ත්වයා හටගන්නේ ද යන්න විමසා බැලූ මහබෝසතුන්ට
කුසල්, අකුසල් හේතුවෙන් ජාතිය හෙවත් ඉපදීම සිදුවන බව පෙනින. අනුලෝම, ප්‍රතිලෝම වශයෙන් ඒ පිළිබඳව මෙනෙහි
කිරීමෙන් උන්වහන්සේට,
සියලු කෙලෙස් නසා නිවන් අවබෝධ කළ හැකි විය. සත්වයාගේ එම ඉපදීම හා මරණය සංසාර චක්‍රය
ලෙස හැඳින්විය හැකිය.
එම
සසර දුක නැතිවන්නේ නැවත ඉපදීම නැවතීමෙනි. එය නිර්වානයයි. එම නිර්වාන අවබෝධය ඇති
කරගත හැක්කේ සසර දුක් ඇති වීමට මුල්වන හේතුව වූ අවිද්‍යාව හා තණ්හාව පිටුදැක සත්‍යාවබෝධය
ඇතිකර ගැනීමෙනි.
සත්ත්වයාගේ සංසාරික පැවැත්ම හා එහි නැවැත්ම වූ නිවන පිළිබඳව ඉගැන්වෙන
බෞද්ධ න්‍යාය ධර්මය ලෙස පටිච්ච සමුප්පාදය හැඳින්විය හැකිය. ‘පටිච්ච සමුප්පාද පාළිය’ ලෙස එය මෙසේ හකුළා දැක්විය හැකිය.
අවිජ්ජා පච්චයා සංඛාරා
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාමරූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සො
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවො
භව පච්චයා ජාති
සංඛාර පච්චයා විඤ්ඤාණං
විඤ්ඤාණ පච්චයා නාමරූපං
නාමරූප පච්චයා සළායතනං
සළායතන පච්චයා ඵස්සො
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා තණ්හා
තණ්හා පච්චයා උපාදානං
උපාදාන පච්චයා භවො
භව පච්චයා ජාති
ජාති පච්චයා ජරා මරණං
සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති
ඒව මේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති
සොක පරිදේව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති
ඒව මේතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති
එම පාලි පාඨයන්හි සිංහල අර්ථය වන්නේ
අවිද්‍යාව (චතුරාර්ය සත්‍යයය නොදැනීම) නිසා සංස්කාර (පින් පව්) හටගනී
සංස්කාරයන් නිසා (ප්‍රතිසන්ධි) විඤ්ඤාණය පහල වේ
විඤ්ඤාණය නිසා නාම රූප (සිත, කය) දෙක හට ගනී
නාම රූප නිසා සලායතන (සංවේදී ස්ථාන) හටගනී
සලායතන නිසා ස්පර්ශය (දැනීම්) පහළ වේ
ස්පර්ශය නිසා වේදනාව (සැප හෝ දුක්) පහළ වේ
වේදනාව නිසා තණ්හාව (ආශාව) පහළ වේ
තණ්හාව නිසා උපාදානය (බැඳීම) පහල වේ
උපාදානය නිසා භවය (කර්ම රැස් කිරීම) පහල වේ
භවය නිසා ජාතිය (නැවත ඉපදීම) සිදු වේ
ජාතිය නිසා ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයෝ පහළ වෙත්.
මෙසේ මෙම ඒකාන්ත දුක්කස්කන්ධයාගේ පහළ වීම සිදුවෙයි.

ඉදිරි සටහන්වල දී, ඉහත එක් එක් පාඨයෙහි සරල සිංහල අර්ථයන් පැහැදිලි
කෙරෙයි.
No comments:
Post a Comment