උපාදානය යනුවෙන් අදහස් වන්නේ ‘තදින් ගැනීම හෙවත් ඇලීම’ යන්නයි. යම් ආශාවක්, උවමනාවක් සිතෙහි නැවත
නැවත ඇති වීමෙන් එය බලවත් වේ. කෙමෙන් එය සිතින් ඉවත් කර ගැනීමට අපහසු තත්වයකට
පැමිණේ. එසේ වැඩුනා වූ තණ්හාව උපාදානය නම් වේ. තණ්හාවක් නැවත නැවත ඉපදීම උපාදානයක්
ඇති වීමට හේතු වෙයි. ඒ නිසාම ‘තණ්හා පච්චයා උපාදානං’ යි වදාළ සේක.
උපාදානය කාමූපාදානය, දිට්ඨූපාදානය, සීලබ්බතූපාදානය,
අන්තවාදූපාදානය යනුවෙන් සතරාකාර වේ. යට සඳහන් සවැදෑරුම් කාම හෙවත් තණ්හාවන් ප්‍රබල
වීමෙන් ඇති වන්‍නේ කාමූපාදානයෝය.
දිට්ඨූපාදානය යනු විවිධ මිථ්‍යාදෘෂ්ටීන්හි තදින් එල්බ
ගැනීමයි. එබඳු මිත්‍යාදෘෂ්ටීන් දහයක් දක්වා ඇත. එනම්,
1. දීමෙන් පලක් නැත.
2. යිට්ඨ නම් වූ මහා දාන දීමෙන් පලක් නැත.
3. හුත නම් වූ කැඳවා දෙන දානයෙන් පලක් නැත.
4. දස කුසලය, දස අකුසලය යන හොඳ නරක දෙකින් පලක් නැත.
5. පරලොව සිටින්නන්ට නැවත පැමිණීමට මෙලොවක් නැත.
6. මෙලොවින් යාමට පරලොවයැයි තැනක් නැත.
7. මවට කරන හොඳ නරකවල විපාක නැත.
8. පියාට කරන හොඳ නරකවල විපාක නැත.
9. නැවත නැවත මැරි මැරී උපදින සත්ත්වයෝ නැත.
10. මෙලොව, පරලොව දෙක දැක ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත.
1. දීමෙන් පලක් නැත.
2. යිට්ඨ නම් වූ මහා දාන දීමෙන් පලක් නැත.
3. හුත නම් වූ කැඳවා දෙන දානයෙන් පලක් නැත.
4. දස කුසලය, දස අකුසලය යන හොඳ නරක දෙකින් පලක් නැත.
5. පරලොව සිටින්නන්ට නැවත පැමිණීමට මෙලොවක් නැත.
6. මෙලොවින් යාමට පරලොවයැයි තැනක් නැත.
7. මවට කරන හොඳ නරකවල විපාක නැත.
8. පියාට කරන හොඳ නරකවල විපාක නැත.
9. නැවත නැවත මැරි මැරී උපදින සත්ත්වයෝ නැත.
10. මෙලොව, පරලොව දෙක දැක ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නැත.
මෙම දෘෂ්ටි ඇති වන්නේ පඤ්චස්කන්ධයට ඇලුම් කොට සැප විඳීමේ
තණ්හාව මුල් කොට ගෙනය. එබැවින් තෘෂ්ණාව නිසාම දිට්ඨූපාදානය ද ඇති වේ ය යි කියැවේ.
සීලබ්බතුපාදානය යනු බුදුරදුන් වදාල නිවන් මග වූ මධ්‍යම
ප්‍රතිපදාව හැර අජවෘත, ගෝවෘත,
කුක්කුරවෘත ආදී සීලවෘත සමාදානයෙන් දුක කෙළවර කළ හැකිය යි තදින් ගැනීමයි.
එහි ඇලී ගැලී සිටීමයි.
අන්තවාදූපාදානය යනු පඤ්චස්කන්ධය මමය, මාගේය, හොඳ දෙයක්ය
යනුවෙන් සිතමින් ඒ පිළිබඳව තද ඇල්මක්, ආශාවක්, තණ්හාවක්, තදින් අල්ලා ගැනීමක් ඇති
කර ගැනීමයි. නැවත නැවත එය ලැබීමට කැමති වීමයි.
No comments:
Post a Comment